රවි

5:58 am

6:19 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 55%
Zodiac Sign
කටක

පංචාංග


2018 April 23
8:34 pm


අස්ලිය


පුර නවවක


ශුල


බාලව, කෞලව

රාහු කාලය

7:30 am - 9:03 am

දිශා


උතුර


වයඹ


නැගෙනහිර


2016 වර්ෂයට පලාපළ: කන්‍යා


තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් ජය!

ලග්නාධිපති බුධ පස්වැන්නේත්, වසර පුරාම සෙනසුරු තුන්වැන්නේ ගමන් කිරීමත් සුබයි. ජනවාරි 30 දින රාහු කේතු දොළහටත් හයටත් මාරු වන අතර, අගෝස්තු 11 දින ගුරු ලග්න භවයට පැමිණේ. රවි හතරේත්, කුජ දෙකේත් ගෝචරය වෙද්දී වසර පටන් ගනී.

කන්‍යා ලග්න හිමියනගේ ලග්නයේ රාහු සිටිම බිය විය යුතු කරුණක් නොවේ. කන්‍යෙව් රාහු ප්‍රභල නිසා නමුත් නොසන්සුන්තාවය සිතෙහි ඇති වුවත්, බොහෝ අභියෝගවලට එඩිතරව මුහුණ දීමේ හැකියාව ඇති වෙන තත්වයක් උදාවේ. කුජ දෙවැන්නේ ඉන්න නිසා විශේෂයෙන්ම ඇස්වල අමාරුකම් පවුලේ ඉඩම් පිළිබඳ ගැටලු සහකරු සහකාරිය සමග මත බේද, හවුල් ව්‍යාපාරවලට නුසුදුසු තත්වයක් ඇති නිසා ණයට දීම මගින් නැවත අය කර ගැනීමට නොහැකියාව ආදිය ඇතිවෙයි. ඒ නිසා එවන් කරුණු හොඳට හිතට අරගෙන ප්‍රෙව්ශම් වි යුතුයි. ඒ තත්වයන් වෙනස් වෙන්නේ කුජ ජනවාරි 17 වෙනිදා තුන්වැන්නට යාමෙන් පසුවයි. කන්‍යා ලග්න හිමියන්ට විරුද්ධ ග්‍රහයෙක් සහෝදරත්වයට යෑම එතරම් හොඳ නැහැ. එබැවින් සහෝදරයන් සමග එතරම් ගැටලු ඇති කර ගැනීමේන් වැළකී සිටිය යුතුයි.

සිකුරු සෙමනසුරුත් සමග තුන්වැන්නේ සිටියත් සිකුරුත් සෙනසුරුත් අතර එතරම් බරපතල ගැටලුවක් නැහැ. සන්නිවේදක කටයුතුවල දියුණුවක් ඇති වෙනවා. මෙතෙක් දොළොස්වැන්නේ ගමන් කල ගුරු අගෝස්තු 11 න් පසු ලග්නයට මාරු වෙනවා. දික්බල වෙනවා. කන්‍යා ලග්නෙට ගුරු ග්‍රහයා එතරම් හිතකර බවක් නොදැක්වුවත් හතර හත අධිපති වශයෙන් කිසියම් කේන්ද්‍රාධිපති දෝෂ ඇතත් යම් සහනයක් ඇති කර ගැනීමට පුලුවනි.

ධනය

පසු ගිය වසරට වඩා මේ වසරේ ආර්ථික තත්වය දුර්වල වේ. බලාපොරොත්තු නැති වියදම් යෙදෙන අතර ආදායම නිසි ලෙස නොලැබීම, ගමන් නිෂ්පල වී අමතර වියදම් සහ පාඩු ලැබීම්ද, ලැබීමට තිබෙන ණය මුදල් හෝ ආදායම් කලට වේලාවට නොලැබී යාම් ද ඇති වන කාලයකි. මුදල් ණයට දීම් හෝ හවුල් ව්‍යාපාර ආරම්භයට සුදුසු නෙවේ.

රැකියාව

රැකියා තනතුරු ලැබීමට හෝ නව ව්‍යාපාර ආරම්භයට සුදුසු නොවන අතර, දැනට කරගෙන යන වෘත්තීයන්හි දියුණුව අඩු වෙන කාලයකි. අපේක්ෂිත ස්ථාන මාරු හෝ නව තනතුරු හෝ උසසවීම් පමා වීමට කරුණු යෙදේ. අගෝස්තු සම 11 දක්වා දැනට පවතින වෘත්තීය තත්වයන් ආරක්ෂ කර ගැනීමට සිතට ගත යුතුය.

අධ්‍යාපනය

අධයාපනයේ නිරත වන අයට වයස් ‍භෙධයකින් තොරව පොතපත කියවීම සහ දැනුම උදෙසා කරන ක්‍රියාකාරකම් අපතේ නොයන අතර තරඟ විභාග හෝ සම්මුඛ පරීක්ෂන ආදියෙන් සමත් වීමට අවශ්‍ය ග්‍රහ බලය පවතී.

ජීවිතය

පදිංචිය වෙනස්වීම් දුර බැහැර ගමන් බිමන් සහ පිටස්තර අය ආශ්‍රය කිරීමට සිදුවන අතර, ගේදොර වාසස්ථා වැඩි දියුණු කිරීමේ කටයුතු වසර අගට කල් දැමීමට සිදු වේ. ඒවා පිළිබඳව නීතිමය තත්වයන් මුහුණ දීමටද සිදුවිය හැකිය. විවාහ ගිවස ගැනීම් සහ ප්‍රෙම සබඳතා ස්ථිරත්වය පිළිබඳ බලාපොරොත්තු වසර අග භාගයට කල් යයි.

සෙෘඛ්‍යය

සොයා ගැනීමට අපහසු වාත වේදනා කැක්කුම්වලට ඉඩ තිබෙන අතර, කනේ අමාරු සහ හිසේ රෝගාදීය ගැන සැළකිලිමත් වීම වැදගත්ය.

ශුභ අංක - 2, 5
ශුභ වර්ණ - සුදු, කහ
ශුභ දින - බදාදා, සිකුරාදා
අය - 14
වැය - 8

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
වෘශ්චික
12° 33' 19"

  රවි
   9° 24' 27"
  චන්ද්‍ර
   18° 55' 15"
  බුධ
   13° 30' 17"
  සිකුරු
   4° 42' 15"
  කුජ
   25° 53' 38"
  ගුරු
   26° 14' 39"
  ශනි
   15° 14' 6"
  රාහු
   16° 55' 20"
  කේතු
   16° 55' 20"
  යුරේනස්
   4° 47' 42"
  නෙප්චූන්
   21° 40' 40"
  ප්ලූටෝ
   27° 16' 52"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය