රවි

5:58 am

6:06 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 27%
Zodiac Sign
තුලා

පංචාංග


2017 September 24
2:04 pm


විසා


පුර විසේනිය


විශ්කමභ


බව, බාලව

රාහු කාලය

4:35 pm - 6:06 pm

දිශා


දකුණ


උතුර


දකුණ


2015 වර්ෂයට පලාපළ: කන්‍යා


ගැටළු හමුවේ බුද්ධිමත්ව කටයුතු කරන්න

ලග්නාධිපති සහ රැකියාස්ථානාධිපති බුධ, රවි සහ කුජ සමග අටවැන්නේ ගෝචරය වේ. කේතු වසර පුරාවට සත්වැන්නේ ගෝචරය වේ. ධනස්ථානාධිපති සිකුරු වෘෂභ රාශිය වූ නවවැන්නේ ස්ක්ෂේත්‍රය. ධනකාරක ගුරු එකොළොස්වැන්න වූ කටකයේ උච්චව ඇත.

මේ අනුව කන්‍යා ලග්න හිමියන්ට අවුරුදු උදාව සිදුවන විට පැවතියා වූ ග්‍රහචාරය බැලූ බැල්මට ශුභදායක බව පෙනුනත් එය එතරම්ම ශුභදායක නොවේ. ලග්නාධිපති බුධ, රවි සහ කුජ සමග අටවැන්නේ ගෝචරය වන බැවින් තරමක් කල්පනාකාරීව ක්‍රියා කල යුතුය. තමාගේ කටයුතු බොහොමයක් රහසිගතව කිරීමට පෙළඹෙයි. එසේම එය තමා වටා සහ තම යටතේ සිටින අයගේ ව්‍යාකූලත්වයට ද හේතු වේ.

ධනය

ධනස්ථානය වූ දෙවැන්න ලග්නයේ සිටින රාහුගෙන් පීඩාවට පත් වීම සහ කුජගේ හත්වැන්නේ දෘෂ්ඨියෙන්ද පීඩාවට පත් වේ. මේ හේතුවෙන් තැන්පත් ධනයට අහිතකරයි. නොදැනුවත්වම නිකරුනේ වියදම් වෙයි. එබැවින් ධනය ඉපැයීමේ චේතනාවෙන් මේ දිනවල මුදල් යෙදවීම කිසිසේත්ම නොකල යුතුය. හත්වැන්න කේතුගේ පීඩාවට මැදිහත්වීමෙන් හවුල් කටයුතු ද අඩාල වී පාඩු පිට පාඩු සිදු වේ.

එනමුත් ධනස්ථානාධිපති සිකුරු ස්වස්ෂේත්‍රව නවවැන්නේ යහපත්ව ගෝචරය වේ. ධනකාරක ගුරු අයස්ථානය වූ එකොළොස්වැන්නේ උච්චය. පෙරකී තත්වය තැන්පත් ධනයට හානි සිදු වුවත්, මෙම ග්‍රහ තත්වය මත ආදායම් ලැබීමේ අඩුවක් නොපෙන්වයි.

රැකියාව

දසවැන්න රැකියාස්ථානය හෙවත් කර්මස්ථානය වෙයි. කර්මස්ථානය වන මිථුන රාශියේ අධිපතිවරයාද ලග්නාධිපති බුධය. බුධ රවි සහ කුජ සමග අටවැන්නේ ගෝචරය නිසා රැකියාවෙන් ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වනු ඇත. එපමනක් නොව වෘත්තීය සහ රැකියා ක්ෂේතුයේ අනපේක්ෂිත කරදර මෙන්ම, සතුරු කරදර ඇති කිරීමට ද එය හේතු වේ. කෙසේ වෙතත් සැඟවුන හෝ අනපේක්ෂිත මිල මුදල් ලැබීම්වලට ද ඉඩ ඇත.

අධ්‍යාපනය

මෙම උදා වූ වසරේ ඉගෙනුම ලබන කන්‍යා ලග්න හිමියන්ය පීඩාවක් ගෙන නොදේ. රාහු ලග්නයේ ගමන් කිරීම ගැටළුවක් වුවත් රාහු කන්‍යා ලග්න හිමියන්ට අශුභ ග්‍රහයෙකු නොවේ. පස්වැන්න අධිපති සෙනසුරු පස්වැන්නෙන් එකොළොස්වැන්නේ ගෝචරය වීම හේතුවෙන් පස්වැන්නට අදාළ දේවල සඵලත්වයක් දැකිය හැක. එනම් පස්වැන්නෙන් නියෝජනය වන අධ්‍යාපන කටයුතු දියුණුවට පත් වෙන බව ඉන් පසක් වේ. එසේම නවවැන්න වූ වෘෂභ රාශිය කන්‍යා ලග්න හිමියන්ගේ උසස් අධ්‍යාපනය නියෝජනය වන භාවයයි. එහි සිකුරු බලවත්ව සිටීම සහ පාපයන්ට හසු නොවීම හේතුනේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට වේ.

ජීවිතය

ලග්නයේ රාහු ගමන් කරමින් හත්වැන්න දැකීම සහ කේතු හත්වැන්නේ වීම විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට කල් යන ලකුණු පෙනේ. යුල දිවි ගෙවන අයද ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීමට අත්‍යාවශ්‍ය වේ. ගෙදර දොර කටයුතු අවහිරයකින් තොරව ඔහේ ගලාගෙන යන බවක් පෙනෙන්න තිබුණද එය එසේ නොවන්නට ඉඩ තිබේ. සතුරු කරදර හෝ තමන්ට නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වන බව හැම විටම සිතට ගෙන පෙර සෝදිසිය වඩාත් නුවණට හුරුය.

සෙෘඛ්‍යය

ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී විය යුතුය. වැටීම්, තැලීම්, හදිසි අනතුරු සහ ශල්‍යකර්මවලින් ප්‍රෙශම් විය යුතුය. මෙම ග්‍රහ අශුභත්වය මදක් පහව යනතුරු හදිසි වීම සහ අවධානම් කටයුතුවල නිරත වීම කිසිසේත්ම නොකළ යුතුය.

ජය දින - බදාදා, සිකුරාදා

ජය වර්ණ - සුදු, කහ,

ජය අංක - 2, 5, 7

පොදුවේ ගත් කල කුජ, ශනි, රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. උපතේදී සඳු අටවැන්නේ ගෝචරය වූයේ නම් ශනි ඒරාෂ්ඨක යෙදී දෝෂ ඇති වේ. අධ්‍යාපන කටයුතු නිරත වන අයෙක්නම් රාහු ලග්නයේ ගමන් කිරීමේ දෝෂයට ප්‍රතිකර්ම කිරීම සුදුසුය.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මකර
3° 8' 4"

  රවි
   7° 29' 29"
  චන්ද්‍ර
   26° 16' 42"
  බුධ
   25° 42' 52"
  සිකුරු
   11° 15' 56"
  කුජ
   18° 1' 48"
  ගුරු
   2° 34' 19"
  ශනි
   28° 2' 44"
  රාහු
   28° 6' 53"
  කේතු
   28° 6' 53"
  යුරේනස්
   3° 31' 30"
  නෙප්චූන්
   18° 20' 45"
  ප්ලූටෝ
   22° 51' 1"