රවි

5:55 am

6:29 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 62%
Zodiac Sign
කන්‍යා

පංචාංග


2018 June 22
8:51 am


සිත


පුර දසවක


පරිඝ


තෛතිල, ගරජ

රාහු කාලය

10:38 am - 12:12 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


උතුර


2016 වර්ෂයට පලාපළ: වෘෂභ


වසරේ අග භාගය වඩාත් සුබදායකයි...

ලග්නාධිපති සිකුරු හත්වැන්නට හොඳයි. සෙනසුරුද දික්බලයෙන් යුතුව හත්වැන්නේ ගෝචරය වේ. යුගදිවි ගෙවන්නන් අතර කෙතරම් බාධක ගැටලු අභියෝග එකිනෙකා පිළිබඳ මත බේද ඇතත්, ඒවා දරා ගැනීමේ ශක්තිය ඇත.

මෙතෙක් හතරේ බ්‍රහස්පතිගෙන් ලද සුබපල සහනයන් ලැබීම් අඩු කිරිමට දායක වෙමින් ජනවාරි 30 වෙනිදා රාහු හතරවැන්නටත් කේතු දහවැන්නටත් මාරු වෙයි. ගෙවල් දොරවල් ස්ථිර වාසස්ථාන පිළිබඳව උරුම හිමිකම් සහ මව් පාර්ශවයේ ලැබීම් සම්බන්ධව ප්‍රශ්න මතුවීමටත්, රැකියාස්ථානයේ දියුණුව මදිකමත් රැකියා සහ වෘත්තීය කටයුතු ගැන උනන්දුව අඩු වීමටත් හේතු වේ. වි‍ශේෂයෙවන්ම පපුව ආශ්‍රිත හෘදය ලේ ගමනාගමනය පිලිබඳ ප්‍රශ්න ඇති විය හැකි නිසා එවැනි සෞඛ්‍ය ගැටලු සහ කොලෙස්ටිරෝල් ඇතැයි සැක හිතන අයද අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කර තම සෞඛ්‍ය තත්වය විමසා බැලීම වැදගත්ය.

මෙතෙක් හතරවැන්න වූ සිංහයේ සිටින බ්‍රහස්පති හෙවත් ගුරු අගෝස්තු 11 පසුව පස්වැන්නට පැමිණ ලග්නය සහ නවවැන්න දකිමින් ධනකාරක, ප්‍රඥාකාරක, පුත්‍රකාරක ලෙස ඒවාට අදාල සියලු දෑ සඵල කිරීමට යම් ශක්තිමත් කාර්යයභාරයක් ඉටු කරයි. එහෙයින් වෘෂභ ලග්න හිමියන්ට බ්‍රහස්පතිගේ පස්වැන්නේ ගමන සුබ වෙයි.

ධනය

ආදායම් ඉපයීමට දියුණු කර ගැනීමට අවධානට උනන්දුව අඩුවී අලස උදාසීන ගති සහ ඉරියව් මතුවේ. නිතර නිතර මාරු වීම් වෙනස් වීම හිතේ ස්ථිර ගතිය අඩු වීම ද ආර්ථික දියුණුවට බාධා ගෙන දේ. වසර අග බාගයේ මේ තත්වය පහව ගොස් තරමක් දුරට යහපත් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනී. වියදම් අඩු කිරීම ආර්ථික කළමණාකරණය දියුණුවට හේතු වේ.

රැකියාව

විටෙක අලසකම උනන්දුව අඩුවීම හේතුවෙන් රැකියා තනතුරු බලාපොරොත්තුවෙන් සිටින අයට ඒවා ලැබීමට බාධා ඇත. සෞඛ්‍යය අංශයේ මහජන සම්බන්ධතා සහිත ක්ෂේත්‍ර කටයුතු රැකියා තනතුරු සුලභ වේ. දහයේ කේතුගේ ගමන නිසා උනන්දුව උත්සාහය ඇතොත් රැකියා නියුක්තිකයන්ට උසස්වීම් ලැබීමට ද පුලුවන. එහෙත් රැකියා අංශයේ ගෞරවය දියුණුව ලැබීමට අපහසු වේ.

අධ්‍යාපනය

අගෝස්තු මාසයෙන් පසුව ඉගෙනීමේ කටයුතු වඩාත් හොඳට සාර්ථක වේ. යම් යම් වෙනස් කම් ඇති වුවත් ඒවා දියුණුව පිණිස හේතු වේ. ඥාණ ශක්තිය ප්‍රබල වන අතර ඉගෙනීමට උනනස්දුව උත්සාහය යෙදේ.

ජීවිතය

රාහු හතරේ ගමන් කිරීම නිසා ස්ථාන මාරු ගමන් බිමන් පදිංචිය වෙනස් වීම් වැනි ස්ථානගත දියුණුව අඩු වේ. ගේදොර මිල දී ගැනීම් ඉදි කිරීම් බොහෝ දුරට අඩු වේ. අගෝස්තු මාසයේ සිට මංගල යෝජනා ප්‍රේම සම්බන්ධතා විවාහ කටයුතු සාරථක වේ. ඥාති මිත්‍ර සබඳතා වැඩි දියඅණු වේ. එදිනෙදා වැඩ කටයුතු වෙනස්ි වීමට හෝ වෙනස් කිරීමට සිදු වේ.

සෙෘඛ්‍යය

පපුව හෘදය රෝගද, උදරයේ ඌෂ්ණාධික රෝග පීඩා බලපාන්නට ඉඩ ඇති අතර අගෝස්තු මාසයෙන් පසුව කාලසර්ප යෝගය යෙදී බාහිර කරදර මතු වේ.

ශුභ අංක - 2, 8
ශුභ වර්ණ - කොළ, රතු
ශුභ දින - බදාදා, සිකුරාදා
අය - 9
වැය - 11

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
16° 9' 22"

  රවි
   6° 40' 52"
  චන්ද්‍ර
   27° 32' 25"
  බුධ
   24° 15' 31"
  සිකුරු
   15° 33' 6"
  කුජ
   15° 4' 17"
  ගුරු
   19° 50' 32"
  ශනි
   12° 22' 21"
  රාහු
   13° 46' 10"
  කේතු
   13° 46' 10"
  යුරේනස්
   7° 43' 23"
  නෙප්චූන්
   22° 29' 59"
  ප්ලූටෝ
   26° 29' 29"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය