රවි

5:58 am

6:06 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 27%
Zodiac Sign
තුලා

පංචාංග


2017 September 24
2:04 pm


විසා


පුර විසේනිය


විශ්කමභ


බව, බාලව

රාහු කාලය

4:35 pm - 6:06 pm

දිශා


දකුණ


උතුර


දකුණ


2015 වර්ෂයට පලාපළ: වෘෂභ


ජූලි 13න් පසු ඉඩකඩම් සහ නිවාස ලාභ

ලග්නාධපති සිකුරු ස්වක්ෂේත්‍රව ලගනයේ මාලවී යෝගය උදා කර සිටිමින් අලුත් ුවුරුද්ද ආරම්භ වේ. භාග්‍යස්ථානපති චන්ද්‍රයා එහි උච්චව ගෝචරය වේ. සතුරැ රාශිගත දික්බලයෙන් යුතු වූ යෝගකාරක ශනි හත්වැන්නේ සිටිමින්‘ ලග්නයටත් චන්ද්‍රයාටත් දෘෂ්ඨි දෙමින් පීඩාවට පත් කරනු ලබයි. විද්‍යාස්ථානය වූ පසුවැන්න රාහුගෙන් පීඩා ලබයි.

මේ අනුව වෘෂභ ලග්න හිමියන්ට වසර ආරම්භයේ ශුභාශුභ මිශ්‍ර ප්‍රතිඵල ඇති කරයි. විටෙක යම් ගැටලුකාරී තත්වයන්ටද මුහුණ පෑමට සිදු වේ. ගුරු තෙවැන්නේ වීම නිසා අන්‍යෙයා්න්‍ය අසමගිතා ඇති වේ. කෙසේ වෙතත් වසර පුරාම අශුභකාරී ලෙස සිටින්නේ රාහු පමණි.

ධනය

ධනස්ථානාධිපති බුධ වැයස්ථානය වූ දොළොස්වැන්නේ ගමන් කිරීම හේතුවෙන් වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මුදලට මුල්තැන දීම හෝ නොතකා හැරීම, ආත්මාර්ථයෙන් තොරව කටයුතු කිරීම මීට හොඳම පිළියම වේ. එවිට ලග්නගත සිකුරුගේ මාලවී යෝගයේ ගති මතු වේ. එනම් හෙට දිනය ගැන සිතා කරන කියන හැම කටයුත්තක්ම ස්ථිර අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව කර යහපත උදාකර ගැනීමයි. එවිට අප්‍රේල් 27 වෙනිදා බුධ ලග්න ගතවේ. ජූලි 5 වෙනිදා බුධ ඔබගේ ධනස්ථානය වූ දෙවැන්නට විත් ප්‍රමාණවත් ධනයක් ලැබීමේ වාසනාව උදා කරයි.

රැකියාව

රැකියා ස්ථානය වූ දසවැන්න වූ කුම්භයේ අධිපති ශනි හෙවත් සෙනසුරුය. මෙහි සෙනසුරු සතුරු රාශිගත වුවත් දිග්බලයෙන් යුතුව ඇත. එය 2015 පුරාවට රැකියාවෙන් ආදායම් ලබා ගත හැකි සැඟවුනු වාසනාවකි. එය එසේ වන්නේ භාවත් භාවමී න්‍යායට අනුවයි. එනම් දසවැන්නාධිපති ශනි දසවැන්නෙන් දසවැන්නේ බලවත්ව සිටීනම් රැකියාශ්‍රිත කටයුතු සහ ඉන් ලබන ප්‍රථිඵල යහපත් වීමයි. ඊට අමතරව ගුරුට නරකම තැනින් මිදී ධනකාරක ගුරු 2015 ජූලි 13 දා හතරවැන්නට පැමිණිමයි. එහිදී ගුරුගේ සප්තම දෘෂ්ඨියෙන් දසවැන්න පෝෂණය වන නිසා රැකියා දියුණුව, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ආදී ලාභයන් ඇති කරන්නේය.

අධ්‍යාපනය

විද්‍යාකාරක බුධ දොළොස්වැන්නෙන් මීදීමත් අධ්‍යාපනයටද කාරකත්වයක් තිබෙන ගුරු 2015 ජූලි 13 දින සිංහ රාශිගතවීමත් සමග අධ්‍යාපනයේ දියුණුවද ඇති වේ. අධ්‍යාපන කටයුතු සඳහා රාහුගේ පීඩාව 2016 ජනවාරි 30 දක්වා ප්‍රභල අයුරින් තිබේ. ඊට රාහුට අදාල පිලියම් කිරීමෙන් තත්වය මදක් සමනය කර ගත හැකි වේ.

ජීවිතය

ගුරු කටක රාශියේ උච්චට සිටින බැවින් ගුණ යහපත්කම, කාරුණික හැඟීම් ආගම දහමට ලැදියාව ඇති කරයි. දෙමාපිය, ගුරුවර සහ වැඩිහිටි අයට සළකයි. එහෙත් ස්ථනය වහයෙන් ගුරුට තුනුවැන්න අශුභ වන හේතුවෙන් අස්ථාන චෝදනාවලට ලක්වීම සහ තම ආත්ම ගෞරවයට හානි ආදී අශුභ තත්වයන්ද ඇති වේ එසේම ශනිගෙන් සිකුරු පීඩා වන හේතුවෙන් අන්‍යෙයා්න්‍ය අසමගිතා, විවාහ ග්‍රමාද වීම්, යුග දිවි ගෙවන්නන්ගේ අසමගිතා, ව්‍යාපාර හවුල්කරුවන් අතර ගැටලු යනාදියටද මුහුණ පෑමට සිදු වේ.

සෙෘඛ්‍යය

සෞඛ්‍ය තත්වය ගැන සැළකීමේදී ශුභ අශුභ මිශු තත්වයක් ඇතත්, අර්ශස් සහ මල බද්ධය වැනි ගුදාශ්‍රිත රෝග, රත්පිත් රෝග සහ වාතාබාධ ඇති වීමට ඉඩ ඇත.

ජය දින - බදාදා, සිකුරාදා

ජය වර්ණ - කොළ. සුදු

ජය අංක - 5, 6, 8

ශනි සහ සිකුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අශුභයි. ජන්ම පත්‍ර පරීක්ෂාවකින් පසු වත් පිළිවෙත්වල යෙදීම මැනවි.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මකර
3° 8' 4"

  රවි
   7° 29' 29"
  චන්ද්‍ර
   26° 16' 42"
  බුධ
   25° 42' 52"
  සිකුරු
   11° 15' 56"
  කුජ
   18° 1' 48"
  ගුරු
   2° 34' 19"
  ශනි
   28° 2' 44"
  රාහු
   28° 6' 53"
  කේතු
   28° 6' 53"
  යුරේනස්
   3° 31' 30"
  නෙප්චූන්
   18° 20' 45"
  ප්ලූටෝ
   22° 51' 1"