රවි

5:56 am

5:54 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 75%
Zodiac Sign
කුම්භ

පංචාංග


2018 October 21
1:03 am


සියාවස


පුර දෙළොස්වක


වෘද්ධි


බව, බාලව

රාහු කාලය

4:24 pm - 5:54 pm

දිශා


දකුණ


උතුර


නිරිත


2015 වර්ෂයට පලාපළ: වෘශ්චික


බාධා මැද දියුණුව

ලග්නාධිපති කුජ නොහොත් අඟහරු හයවැන්නේ සුවක්ෂේත්‍රව හර්ෂ යෝගය උදා කරමින් උච්ච රවි සමග සිටියදී මෙවර අවුරුද්ද වෘශ්චික ලග්න හිමියන්ට උදා වේ. විවාහස්ථානය හෙවත් හත්වැන්න අධිපති සිකුරු ස්වරාශි ගත වී හත්වැන්නේ ස්වක්ෂේත්‍රයි. බ්‍රහස්පති නවවැන්නේ උච්චයි. මෙහි පවතින පුධාන දෝෂය වන්නේ ශනි ලග්නයේ ගමන් කිරීමේ දෝසයයි.

මේ අනුව බලන කල වෘශ්චික ලග්න හිමියන්ට මෙම උදා වූ නව වසරේ සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවද ඒවා මැඩපවත්වා ගෙන තමන්ගේ කටයුතු එක්තරා මට්ටමක සාර්ථකත්වයක් කරා ගෙන යාමය අවකාශය ඇති බවය. සමාජයේ එක්තරා කැපී පෙනෙන අයුරින් වැජබීමටත් විදේශීය සම්බන්ධතා මත ගොඩ නැගෙන කටයුතු දියුණු කල හැකි බවත්ය.


ධනය

ධනස්ථානාධිපති ගුරු නවවැන්නේ උච්චව සිටීමත්, ධනකාරක වන එම ගුරුම ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් ලග්නය දැකීම සහ රාහුට ශුභ ස්ථානයක් වන එකොළොස්වැන්නේ හෙවත් අයස්ථාන ගත වීම යන ප්‍රභල යෝග හේතුවෙන් ධනය ඉපැයීමේ වාසනාව සහ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ඇති හැකියාව කැපී පෙනේ. එමෙන්ම විදේශ සම්බන්ධයෙන් කරන මූල්‍ය කටයුතු ද දියුණුවට සහ ලාභ උපයන ව්‍යාපාර බවට පත් වීම සහ සමාජයේ ප්‍රසාදය දිනා ගැනිමටද හැකියාව ඇත.

රැකියාව

වාත්තීය සහ රැකියාව ගැන බැලීමේදී දසවැන්න අධිපති රවි උච්චව ස්වක්ෂේත්‍ර වූ කුජ සමග හයවැන්නේ සිටීමද කිසියම් බාදා අවහිරතා මතු වූවද ඒවා මැඩ ගෙන වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රෙය් ඉදිරියට ගමන් කල හැකි බව පෙන්නුම් කෙරේ.

අධ්‍යාපනය

සිව්වැන්න අධිපති ශනි සිව්වැන්නෙන් දසවැන්නේ ගෝචරය වීමද ප්‍රභල ප්‍රඥා යෝගයක් වන අතර, ඥාණකාරකයෙකු වූ කේතු අධ්‍යාපනය නියෝජනය කරන පස්වැනි භාවයේ ගමන් කිරීමත්, උසස් අධ්‍යාපනය ගැන පෙන්වන භාවය වන නවවැන්නේ මහා ප්‍රඥාකාරක බ්‍රහස්පතිගේ ගෝචරයද අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ධාරණ ශක්තිය වැඩි වීමට සහ තරඟ විභාගාදියෙනි ජය ලැබීම සහ අනාගත දියුණුව ඇති කරන බවට සාක්ෂි දරයි.

ජීවිතය

සිකුරු හත්වැන්නේ සිටියදී වර්ෂය ආරම්භ වීමෙන් විවාහ අපේක්ෂකයන්ගේ අරමුණු ඉටුවිමද, විවාහකයන් අතර හොඳ හිත ආදරය උතුරා ගිහින් සැපවත් යුග දිවියක් ගත කිරීමට හැකිය යන ඉඟිය ලබා දී ඇත. පවුලේ දියුණුවට සහ දරු මුණුබුරන්ගේ දියුණුවද ඇති වේ. ශනි ලග්නයේ සිය හත්වැන්න දැකීම තරමක් පීඩාවක් වී ආවේගශීලී වචන භාවිතයට ඉඩ ඇති අතර ඉවසීමෙන් කටයුතු කිරීම සහ ශනිගේ දෝෂයට පිළියම් කිරිමෙන් මෙම තත්වය මගහරවා ගත හැකිය.

සෙෘඛ්‍යය

කෙසේ වුවත් වෘශ්චික ලග්න හිම් ඔබගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් සැළකිලිමත් වීමට සිදු වේ. ඌෂ්ණාධික දෝෂ සහ ලේ දූෂ්‍ය වීමට ඉඩ කඩ ඇත.

ජය දින - බදාදා, සිකුරාදා

ජය වර්ණ - සුදු, කහ,

ජය අංක - 2, 5, 7

පොදුවේ ගත් කල කුජ, බුධ, ශනි, මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. උපතේදී සෙනසුරු ඒරාෂ්ඨක යෙදී තිබූ අයට දෝෂ ඇති වේ. විශේශයෙන්ම ලග්නයේ ශනි ගමන් කිරීමේ දෝෂයට ප්‍රතිකර්ම කිරීම මගින් ඉහත ශුභඵල ආරක්ෂා කර ගත හැකි වේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
18° 58' 18"

  රවි
   3° 20' 58"
  චන්ද්‍ර
   17° 43' 15"
  බුධ
   22° 4' 12"
  සිකුරු
   12° 29' 38"
  කුජ
   21° 4' 27"
  ගුරු
   1° 59' 10"
  ශනි
   10° 12' 30"
  රාහු
   7° 22' 35"
  කේතු
   7° 22' 35"
  යුරේනස්
   6° 41' 59"
  නෙප්චූන්
   20° 2' 4"
  ප්ලූටෝ
   24° 50' 15"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය