රවි

5:55 am

6:29 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 62%
Zodiac Sign
කන්‍යා

පංචාංග


2018 June 22
8:47 am


සිත


පුර දසවක


පරිඝ


තෛතිල, ගරජ

රාහු කාලය

10:38 am - 12:12 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


උතුර


2016 වර්ෂයට පලාපළ: ධනු


විපරිත ග්‍රහ බලයත් සුබ ග්‍රහ බලයත් සංයෝග වේ.

2016 ලග්නාධිපති ගුරු නවවැන්නේද රවි ලග්නගතවද පරිවර්ථන යෝගයක් උදා කරයි. රාහු රැකියාස්ථානය වූ දහවැන්නේත්, කේතු හතරවැන්නේත් ස්වක්ෂේත්‍ර වී සිටියි. ජනවාරි 30 දා රාහු කේතු නවවැන්නටත් තුන්වැන්නටත් මාරු වෙයි. ගුරු අගෝස්තු 11 දින අයස්ථානය වූ 11 වැන්නට මාරු වෙයි. මේ අනුව ධනු ලග්න හිමියන්ට මෙම වසර සුබ තත්වයන්ගෙන් වැඩි වසරක් වේවි. සෙනසුරු 12 වැන්නේ වසර පුරාම ගමන් කිරිම හේතුවෙන් ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාෂඨක තත්වයක් පවතී. ඔබගේ උපන් කෙන්ද්‍රෙය් චන්ද්‍රයා 1, 2 හෝ 10, 11, 12 භාවයක සිටියේනම් ජන්ම ඒරාෂ්ඨකයත් ක්‍රියාත්මක වේ. මෙම ඒරාෂ්ඨක දෙකම එකවර යා නම්, එනම් ඒරාෂ්ඨක දෙකම පැවතියහොත් කරදර බාධකවලට මුහුණ පාන්නට සිදු වෙයි ඒ සඳහා නිර්දේෂ වත් පිළිවෙත් කර අපල සමනය කර ගත යුුතුය.

කුජ එකොළොස්වැන්නේ සිට දොළොස්වැන්නට ජනවාරි 17 වෙනිදා පැමිනෙනවාත් සමගම විපරිත බලයක් ඉපිද සුබපල රැසක් උදා කෙරේ. දොළොස්වැන්නේ සිටින සම්මත පාපියා වූ සෙනසුරුට රාශි අධිපතිත්වය දරණ තවත් සම්මත පාපියෙකු එක්වීම මත විපරීත ධන බලයක් සෑදී අන් සතු දේ ලැබීම ආදී නොසිතූ ලාභ ප්‍රෙයා්ජන අත් වේ.

ධනය

විශේෂ ධන යෝග නොමැති වුවත්, නිසි ආර්ථික කළමණාකාරිත්වයක් මත එදිනෙදා කටයුතු නිසියාකාරව කර ගත හැකි වේ. හරිහම්බ කරන දේ තැන්පත් කර ගැනීමට නොහැකි වුනත් නිසි ආයෝජනවලට යෙදවීමේ ඉඩකඩ තිබේ. අගෝස්තුවලින් පසු ගුරු අයස්ථාන ගත වීම වෘත්තීය ක්ෂේත්‍රෙයන් ලාභ සහ ආදායම් ලැබෙනු ඇත. රවි හෝ බුධ මහ දසා අතුරු දසා ගත කරන අයගේ තත්වය තවත් හොඳ අතට හැරේ

රැකියාව

රැකියාස්ථානයේ පරිසරය යහපත් වේ. අගෝස්තුවලින් පසු උසස්වීම් තනතුරු දීමනා බලාපො‍ෙරාත්තු විය හැතිය. ව්‍යාපාර කරන අයගේ ලාභාංශ ඉහළ ගියද අධික වියදමිද යෙදෙ හෙයින් හැකිතාක් ඒවා පාලනය කර ගැනීමට සිතට ගන්න.

අධ්‍යාපනය

ශ්‍රාස්තීය අංශවල ඉගෙනීමේ කටයුතු සාර්ථක වුවත්, එකතැන නිදහසේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට බාධා යෙදේ. රැකියා කරන ගමන් හෝ වෙනත් බාහිර කටයුතු කරන ගමන් ඉගෙන ගෙන තරඟ විභාගවලින් සමත් වීමටත් අවශ්‍ය ග්‍රහ බලය පවතී.

ජීවිතය

ගෙදර පරිසරය යහපත්වේ. ගේදොර අලංකාරව සහ පිළිවෙලට තබා ගැනීමට ගන්නා උත්සාහ සාර්ථක වේ. ස්ථාවර වත්කමක් හිමිකර ගැනීමට හෝ නව නිවාස සඳහා මුදල් ආයෝජනයට සිත යොමු වේ. ප්‍රේම සම්බන්ධතා සහ මංගල යෝජනා ස්ථිර වේ. යුගදිවි ගෙවන්නන් අතර සතුට සමාදානය වර්ධනය වේ. පිංවත් දරු උපත් බලාපොරොත්තු විය හැකිය

සෙෘඛ්‍යය

පපුවේ උගුරේ සෙම් ගති ඇති අයට ඒවා උත්සන්න විය හැකිය. ඒරාෂඨක තිබෙන නිසා විවිධාකාර වෙදනා කැක්කුම් ඇකි විය හැකිය.

ශුභ අංක - 3, 6
ශුභ වර්ණ - රන්වන්, කැඹිලි
ශුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
අය - 11
වැය - 8

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
15° 11' 55"

  රවි
   6° 40' 42"
  චන්ද්‍ර
   27° 30' 15"
  බුධ
   24° 15' 13"
  සිකුරු
   15° 32' 54"
  කුජ
   15° 4' 17"
  ගුරු
   19° 50' 32"
  ශනි
   12° 22' 22"
  රාහු
   13° 46' 11"
  කේතු
   13° 46' 11"
  යුරේනස්
   7° 43' 22"
  නෙප්චූන්
   22° 29' 59"
  ප්ලූටෝ
   26° 29' 29"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය