රවි

5:58 am

6:06 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 27%
Zodiac Sign
තුලා

පංචාංග


2017 September 24
2:05 pm


විසා


පුර විසේනිය


විශ්කමභ


බව, බාලව

රාහු කාලය

4:35 pm - 6:06 pm

දිශා


දකුණ


උතුර


දකුණ


2015 වර්ෂයට පලාපළ: මීන


රැකියා ආදායම් සහ විවාහ ප්‍රමාද

මීන ලග්න හිමියන්ගේ කේතු වසර පුරාම ලග්නයේ ගමන් කරයි. එනමුත් ධනකාරක බ්‍රහස්පති පස්වැන්නේ උච්චව ගමන් කරයි. දෙවැන්න අධිපති රවි, කුජ, බුධ දෙවැන්නේද, සිකුරු තුනවැන්නේද ගෝචරය වේ.

මේ අනුව සතුරු කරදර මදක් ඇති වුවත් ඒවා මැඩගෙන කටයුතු කිරීමේ හැකියාව ඇත. 2015-07-13 වන තෙක් කාලය සුභදායකය ඉන්පසු තමාගේ වැඩකටයුතුවලට ගැටලු සහ බාධාකාරී තත්වයන් උද්ගත විය හැකිය. කල්පනාකාරීව සහ ඉවසීමෙන් මෙම කාලයේ අභියෝගයන්ට මුහුණ දී ජය ගත යුතුය.

ධනය

දෙවැන්න වූ ධනස්ථානයේ අධිපති දෙවැන්නේද ලග්නාධිපති සහ ධනකාරක ගුරු උච්චව පස්වැන්නේ සිටිමන් ලග්නය දකින හේතුවෙන් ජන්මියාට ධන ධාන්‍ය ව්‍යාපාර ලාභාදිය ගෙන දෙන බවට ඉඟි කරයි. එසේ නමුදු 2015 ජූලි 13 වෙනිදායින් පසුව ගුරු හයවැන්නට යාම යම් බාධා අවහිරතා ගෙන දීමට හේතු වේ. වියදම් තත්වයද ඉහළ යන බැවින් මුදල් කටයුතුවලදී කල්පනාකාරී වන්න.

රැකියාව

රැකියාස්ථානය ධනු රාශිය හිමි ලග්නාධිපති ගුරු පස්වැන්නේ උච්චව සිටිම ශුභය. මේ හේතුවෙන් රැකියාවේ දියුණුව අභිවෘද්ධිය සැළසේ. එනමුත් 2015 ජූලි 13 වෙනිදායින් පසුව ඔබට ශුභපල ගෙනදුන් ගුරු සතුරු ස්ථානය වූ හයවැන්නට යාම මදක් අහිතකර වනු ඇත. ඉන් පසුව රැකියා ස්ථානයේ සතුරු කරදර ඇතිවිය හැකිය. කල්පනාවෙන් කටයුතු කල යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනය ගැන කියැවෙන පස්වැන්න ගුරු උච්චව ඇති නිසා පාසල් අධ්‍යාපනයේ යෙදෙන අයට ශුභදායක වන අතර උසස් අධ්‍යාපනය හදාරන අයට තරමක් අපලය. ඉගෙනීමේ කටයුතුවලින් පරිබාහිර දේවලට සිත යොමු වීම මගින් අධ්‍යාපනයට බාධා ඇති වේ. උසස් අධ්‍යාපනය ගැන කියැවෙන නවවැන්නේ ශනි ගෝචරය වීම මෙයට හේතුවයි.

ජීවිතය

රැකියා, ආදායම් මාර්ග, තැන්පත් ධනය සහ ප්‍රඥාව යන සියළු කරුණුවලට සතුරු රාශිගතව නවවැන්නේ සිටින සෙනසුරු පීඩා කරන අතර රාහු සත්වැන්නේ ගමන් කරමින් සිටින අතර විවාහකාරක සිකුරු පීඩා වීම යන කරුණු මීන ලග්න හිමියන්ට දැඩිව බලපානු ඇත. එබැවින් ශනිට අවශ්‍ය පිලියම් කිරීම සුදුසු වන අතර පවුලෙු අසමගිතා, සහකරුවන් සහව්‍යාපාර සහකරුවන් අතර ඇතිවන අසමගිය දුරු කර ගැනීමට එය හේතු වේ.

සෙෘඛ්‍යය

රවි සහ සිකුරු මහා දශා අතුරු දශා ගෙවමින් සිටින අයගේ ශරීර සෞඛ්‍ය කෙරේ අයහපත් බලපෑම් ඇති කරන අතර, උපතේදී සඳු දෙවැන්නේ සිටියෙනම් සෙනසුරු අපල යෙදී දෝෂ ඇතිවේ. රුධිර පීඩනය උගුර සහ බෙල්ල ආශ්‍රිත රෝග ඇතිවිය හැකි අතර වෛරස් රෝග ඇතිවිය ද හැතිය

ජය දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,

ජය වර්ණ - තැඹිලි පාට, රතු

ජය අංක - 3, 9

රවි සහ සිකුරු මහා දශා අතුරු දශා ගෙවමින් සිටින අය සහ ජන්ම, අෂ්ටම සහ ලග්න ඒරාෂ්ඨක යෙදී තිබෙන අය ද තමන්ගේ උපන් කේන්දරයට අනුව පලාපල බගා

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මකර
3° 22' 48"

  රවි
   7° 29' 31"
  චන්ද්‍ර
   26° 17' 12"
  බුධ
   25° 42' 57"
  සිකුරු
   11° 15' 59"
  කුජ
   18° 1' 49"
  ගුරු
   2° 34' 20"
  ශනි
   28° 2' 45"
  රාහු
   28° 6' 53"
  කේතු
   28° 6' 53"
  යුරේනස්
   3° 31' 30"
  නෙප්චූන්
   18° 20' 45"
  ප්ලූටෝ
   22° 51' 1"