රවි

5:56 am

5:54 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 74%
Zodiac Sign
කුම්භ

පංචාංග


2018 October 21
12:25 am


සියාවස


පුර දෙළොස්වක


වෘද්ධි


බව, බාලව

රාහු කාලය

4:24 pm - 5:54 pm

දිශා


දකුණ


උතුර


නිරිත


2015 වර්ෂයට පලාපළ: තුලා


බාධා මැඩ සැළසුම් සහගතව ඉදිරියට

ලග්නාධිපති සිකුරු ස්වක්ෂේත්‍රව අටවැන්නේ වූ වෘෂභ රාශියේ සරලා යෝගය උදාකරමින්ද, කුජගෙන් රැචක යෝගයද, ගුරුගෙන් හංස යෝගයද, යෝගකාරක සිකුරු හයවැන්නේ හර්ෂ යෝගයද උදාකරමින් මෙවර තුලා ලග්න හිමියන්ගේ නව අවුරුදු උදා වසර ආරම්භ වේ. හත්වැන්නේ ගෝචරය වන උච්ච රවි, ස්වක්ෂේත්‍ර කුජ, බුධ සමග සංයෝගයෙන් ලග්නයට සප්තම දෘෂ්ඨි හෙළයි. වැයස්ථානයේ රාහුගෙන් ධනස්ථානය වන දෙවැන්න පීඩාවට පත්වෙන අතර, එහි සතුරු රාශිගත ශනි හත්වැන්නේ සිටින කුජ දකිමින් තව තවත් පීඩාවට පත් වේ.

මේ අනුව බලන කල මෙම උදා වූ වසර තුලා ලග්න හිමියන්ට ග්‍රහයන් පීඩාවට පත් විමෙන් ඇති වන විවිධ දෝෂ තිබියදී වුවද සෙසු ග්‍රහ බල සහ ශුභ යෝග හේතුවෙන් තමාගේ කටයුතු නිසි පරිදි ක්‍රමාණුකූලව, පිළිවෙළකට සහ සැළසුම් සහගතව ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය වාසනාව ද පිහිටා ඇත.

ධනය

තුලා ලග්න හිමියාගේ ප්‍රධාන ශුභපල දෙන යෝගකාරක ග්‍රහයා වූ ශනි ධනස්ථානය වූ දෙවැන්නේය. දෙවැන්න අධිපති හත්වැන්නේ සිටින නිසා දෙවැන්නට හත්වැන්න පෙනෙයි. එහි සිටින දෙවැන්න අධිපති හෙවත් ධනස්ථානපති කුජට හත්වැන්න වූ මේෂ රාශියද අයිතිය. කුජ එහි ස්වක්ෂේත්‍රව රුචක යෝගයද උදා කරමින් ශුභ දෘෂ්ඨි ලබමින් ද සිටියි. මෙම විශ්ලේශනය අනුව ප්‍රථිපල ඔබටම පැහැදිලිය. එනම් ධනය සහ ආදායම් මාර්ගවල ඵලය තුලා ලග්න හිමියන්ගේ දෙපා මුලය. තැන්පත් ධනයේ වර්ධනයත්, හවුල් ව්‍යාපාරාදියේ දියුණුවත්, හවුල්කරුවන් සහ විවාහක සහකරුවන් අතර බැඳීමත් ස්ථිරය.

රැකියාව

රැකියා ස්ථානය දහවැන්න කටක අධිපති චන්ද්‍රයාය. ඔහු යෝගකාරක ශනිගේ භවන වූ හතරවැන්නේ මිත්‍ර රාශිගතය. එපමණක් නොව දික්බලය. ධනකාරක ගුරු රැකියාස්ථානයේ උච්චය. ධනකාරක උච්ච ගුරු ලැගුම් ගත් දසවැන්න වූ කටකය අධිපති දික්බලව හතරවැන්නේ සිට සප්තම දෘෂ්ඨියෙන් දහවැන්න දකී. එබැවින් රැකියාව සුරක්ෂිතය. දියුණුවෙන් දියුණුවට පත් වේ. අයස්ථානාධිපති රවිද හත්වැන්නේ උච්චව ලග්නය දකිමින් ජන්මියා රැකියාවෙන් ධනය උපයන්නෙක් බවට තහවුරු කර ඇත.

අධ්‍යාපනය

විද්‍යාස්ථාන පස්වැන්න වූ කුම්භ රාශියේ අධිපතියාද යෝගකාරක ශනිය. ඔහු යම් බලයක් සහිත සිටින බව ඉහතින් විග්‍රහ කර ඇත. ඊට අමතරව විද්‍යාකාරක ග්‍රහයා වූ බුධ රවි සමග සංයෝග වී බුධ අාදිත්‍ය යෝගයෙන් පෝෂණය වේ. ඒ අනුව අධ්‍යාපනය ලබන දරුවන්ට සාර්ථක ප්‍රතිපල ලැබෙන අතර, ශනිට අයත් විෂයන් තුලින්, එනම් තාත්ෂණික සහ ඉංජිනේරු විෂයන් සහ කෘෂිකාර්මිකාදී පොලොව ආශ්‍රිත විෂයන්ගෙන් ද අධ්‍යාපනික දියුණුවක් ලද හැකිය. නමුත් විද්‍යාස්ථානාධිපති සතුරු රාශිගත වී ඇති දෝෂයද බලපාන බැවින් අධ්‍යාපනයෙන් පරිබාහිර දෑ වලටද සිත ඇදී යන හෙයින් කල්පනාකාරීව, උත්සාහවන්තව තම කටයුතුවල නිරත වීමට වග බලාගත යුතුය.

ජීවිතය

යහපත් මව් පිය සබඳතා මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සහ සෙසු කටයුතුවලටද යහපත් කාලයකි. විවාහකයන්ගේ ආදරය තව දුරටත් වර්ධනය වෙමින් යුග දිවියේ මිහිර සහ ගෙදර පරිසරය සැපවත් සහ අර්ථවත් වනු ඇත. මෙතෙක් විවාහ ප්‍රමාද වූ අයට සහ විවාහ අපේක්ෂකයන්ට මැයි දෙවෙනිදා පටන් සිකුරු නවවැන්නේ ගමන ඇරඹුවායින් පසු තම අපේක්ෂා මුදුන්පත් කරගත හැකිය. විශ්වාසවන්ත සහ උසස් අයගේ ඇසුරෙන් එම අවස්ථාවන් උදාවීමට බොහෝ දුරට ඉඩ ඇත.

සෙෘඛ්‍යය

රෝගස්ථානාධිපති ගුරුගේ ග්‍රහ බලය ශුභ නිසා මහත් ව්‍යසන නැතත්, උෂ්ණාධික රෝග හා උදරගත රෝගවලින් ද, වැටීම් තැලීම්වලින්ද ප්‍රෙව්ශම් වෙන්න. වාත රෝග හෝ ස්නායු දුබලතා ඇති අය ඊට අදාල ප්‍රථිකාර නිසියාකාරව ගත යුතුය.

පොදුවේ ගත් කල ශනි, බුධ, ශුක්‍ර මහ දශා - අන්තර් දශා ගත කරන අයට යහපත්ය. කුජ, රවි හා ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අශුභයි. ඔබේ උපන් ජන්ම පත්‍රය පරීක්ෂා කර තත්වය දැන ගන්න.

ජය දින - ඉරිදා, සඳුදා

ජය වර්ණ - සුදු, රතු

ජය අංක - 1, 2, 4

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
9° 53' 53"

  රවි
   3° 19' 24"
  චන්ද්‍ර
   17° 23' 57"
  බුධ
   22° 1' 57"
  සිකුරු
   12° 30' 29"
  කුජ
   21° 3' 38"
  ගුරු
   1° 58' 50"
  ශනි
   10° 12' 23"
  රාහු
   7° 22' 40"
  කේතු
   7° 22' 40"
  යුරේනස්
   6° 42' 3"
  නෙප්චූන්
   20° 2' 6"
  ප්ලූටෝ
   24° 50' 14"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය