රවි

6:02 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 30%
Zodiac Sign
මකර

පංචාංග


2017 November 23
4:41 pm


උත්‍රසල


පුර සැටවක


ගණ්ඩ


බාලව, කෞලව

රාහු කාලය

1:25 pm - 2:54 pm

දිශා


උතුර


දකුණ


බස්නාහිර


2015 වර්ෂයට පලාපළ: මිථුන


යුග දිවියට මල් වැසි, ගෘහ දිවියට ජය කොඩි

සිංහල අලුත් අවුරුදු උදාවත් සමග ලග්නාධපති බුධ අයස්ථානගතව සිටීමත්, සත්වැන්න සහ දසවැන්න අධිපති බ්‍රහස්පති ධනස්ථානයේ උච්චව සිටීමත් සෙනසුරු උපචය ස්ථානයක තැන්පත් වීමත් ශුභ වන අතර දෙවැන්නාධිපති චන්ද්‍රයා අටවැන්නේ සිටීමත් රාහු හතරවැන්නේ සටිමින් රැකියාස්ථානය පීඩාවට පත් කරනු ලැබීමත් අශුභය.

මේ අනුව මිථුන ලග්න හිමියන්ට මෙම වසර යම් සුළු දෝෂ පැවතියද ධන ධාන්‍ය සම්පත් ලැබෙන, ගෘහ ජීවිතය සම්බන්ධ කරදර අවම වන ශුභදායක වසරකි. සතුරු බලවේග මුළුමනින්ම දමනය වන සහ අහෝසිවන, ආත්ම ගෞරවය ආරක්ෂා වන, සමාජයෙන් පැසසුම් හා ගෞරවාදරය ලැබෙන වාසනාවන්ත වසරක් ලෙස හැඳින්විම නිවැරදිය.

ධනය

ධනස්ථානය වූ දෙවැන්නේ ගමන් කරන ධනකාරකත්වයත් දරණ ගුරුත්, අයස්ථානය වූ එකොළොස්වැන්නේ බලවත් ග්‍රහ පිහිටීමක් සනිටුහන් කරමින් ගමන් කරන රවි, බුධ හා කුජත් මිථුන ලග්න හිමි ඔබේ ආදායම් තත්වය ඉහළ නැංවීමටත් තැන්පත් ධනයේ වර්ධනයටත් හේතුවනු ඇත. හවුල් ව්‍යාපාර කරන අය සමග සම්බන්ධතා සහ ඒවායින් ලබන ආදායම් සුරක්ෂිත වේ. කුජ සහ ශනි මහා දශා අතුරු දශා ගෙවන කාලයක් නම් ඉහත ප්‍රථිඵල යම්තාක් දුරට අඩු වනු ඇත.

රැකියාව

කේතු රැකියා ස්ථානය වූ දසවැන්නේ ගමන් කිරිම යම් පීඩාවක් වුවත්, උච්ච ගුරු විසින් දහවැන්න දැකීමෙන් කේතුගේ පීඩාව අකි මකා දමනු ඇත. ගුරු හෙවත් බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කරන මෙම කාලයේදී නව ව්‍යාපාර ආරම්භය ඇතුලු නව ආයොජන කෙටි කළකින් ජනප්‍රියත්වයට පත්ව ඉහළ ආදායම් ගෙනදීමටද සමත් වේ. එහෙත් 2015 ජූලි මස 13 වෙනිදා සිට බ්‍රහස්පති තුන්වැන්නට පිවිසීමත් සමග ඉහත තත්වය මදක් යටපත් වන නමුදු, සෙනසුරුගේ යහපත් ගමන හේතුවෙන් තම ස්ථාවරය රැක ගැනීමට සමත් වේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරත වන අයටද මෙම උදා වූ වසර යහපත් එකක් වන අතර ඥාණශක්තිය සහ ධාරණ ශක්තිය ප්‍රභල විමෙන් අන්‍යයන් අභිබවා යමින් කුසලතාවයන්ගෙන් සපිරි දස්කම් පෙන්වීමටත් තරඟ විභාදියෙන් අපේක්ෂිත ප්‍රථිඵල භුක්ති විඳීමේ වාසනාව උදා වේ. රාහුගෙන් සහ හත්වැන්නට දෘෂ්ඨි හෙළන කුජත් විද්‍යාස්ථානය යම්තාක් දුරට පීඩා කරන අතර මෙම ග්‍රහයන්ට අදාල ප්‍රරතිකර්ම කිරීමෙන් ඒවා මග හැරී යනු ඇත.

ජීවිතය

දෙවැන්නේ උච්ච ගුරු හත්වැන්නට ශුභවාදී වන බැවින් හත්වැන්න හා සම්බන්ධ සියළු දේ බැබළවීමට ගුරු සමත් වෙයි. ඒ අනුව පවුලේ සමගිය, විවාහ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු, යුගදිවි ගෙවන්නන්ගේ සමගිය, සැපත සහ මනා දූ දරු සම්බන්ධතා තහවුරු වන කාලයක් මිථුන ලග්න හිමියන්ට උදා වේ. 2015 ජූලි 13 වනදායින් පසුව බ්‍රහස්පති සිංහයට පැමිණීමත්, එම රාශිය තුන්වැන්න වූ නිසාත්, තුන්වැන්න ගුරුට අශුභ වන නිසාත් පවතින්නා වූ ශුභ කාලය නිමවනු ඇත යන්න සිතුවහොත් එය නිවැරදි නොවේ. එයට හේතුව තුන්වැන්නට සපැමිණෙන බ්‍රහස්පතිගේ ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් නැවතත් හත්වැන්න පෝෂණය වන නිසාය. එබැවින් මෙම වසරේ ඔබේ ගෘහ දිවිය වාසනාවන්ත වසරක් ලෙස කිව හැකිය.

සෙෘඛ්‍යය

අයහපත් පාරිසරික තත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් හෙම්බිරිස්සාව, කැස්ස ආදී සුළු අසනීප තත්වයන් හැරෙන්නට, සෞඛ්‍යය තත්වය මධ්‍යස්ථ ස්වභාවක් දැකිය හැකි අතර, ශනි සහ කුජ දශා අතුරු දශා ගෙවන මිථුන ලග්න හිමියන් මේදය අධික වීමෙන් ඇතිකරන හෘදය පීඩා ගැන සැළකිලිමත් වීම වැදගත්ය.

ජය දින - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ජය වර්ණ - කොළ, කහ,, ලා නිල්
ජය අංක - 3, 5, 6

පොදුවේ ගත් කල කුජ, ශනි, රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. බුධ, සිකුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි. ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් පසු ඉහත අපලකාරී තත්වයන් බොහෝ දුරට සමනය කර ගත හැකිය.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
20° 34' 21"

  රවි
   7° 20' 55"
  චන්ද්‍ර
   1° 35' 42"
  බුධ
   29° 11' 49"
  සිකුරු
   26° 2' 59"
  කුජ
   25° 59' 43"
  ගුරු
   15° 29' 41"
  ශනි
   3° 2' 54"
  රාහු
   24° 55' 49"
  කේතු
   24° 55' 49"
  යුරේනස්
   1° 14' 14"
  නෙප්චූන්
   17° 28' 40"
  ප්ලූටෝ
   23° 35' 53"