රවි

6:02 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 30%
Zodiac Sign
මකර

පංචාංග


2017 November 23
4:42 pm


උත්‍රසල


පුර සැටවක


ගණ්ඩ


බාලව, කෞලව

රාහු කාලය

1:25 pm - 2:54 pm

දිශා


උතුර


දකුණ


බස්නාහිර


2015 වර්ෂයට පලාපළ: කටක


සමාජයේ ඇගයිම සහ සෞභාග්‍යමත් බව

මෙවර සිංහල අවුරුදු උදාවත් සමග ලග්නාධිපති චන්ද්‍රයා හත්වැන්නේ කේන්ද්‍රගතව ගජ‍කේශරී යෝගය උදා කර සිටිමින් ලග්නයට සප්තම දෘෂ්ඨිය හෙළයි. භාග්‍යස්ථානාධිපති ගුරු ලග්නයේ උච්චව සිට හංස යෝගය උදා කරයි. යෝගකාරක කුජ රුචක යෝගය උදා කරමින් රැකියාස්ථානය වූ දහවැන්නේත්, රාහු වික්‍රමස්ථානය වූ තුන් වැන්නේත්, කේතු පුණ්‍යස්ථානය වූ නවවැන්නේත්, සිකුරු අයස්ථානය වූ එකොළොස්වැන්නේත් ස්වක්ෂේත්‍රය. ගුරුට අමතරව රවිද දහයේ උච්චය. එපමණක් නොව ගුරු ලග්නයේද, රවි සහ කුජ දහයේද ගෝචරය වන්නේ දික්බලයෙන් යුක්තවයි. සඳු සහ බුධ සමරාශිගතව සිටින අතර ශනි පමණත් සතුරු රාශිගත වී ඇත.

මේ අනුව බලන කල මෙම උදා වූ වසර කටක ලග්න හිමියන්ට සමාජයේ ඇගයිමට සහ ගරු බුහුමනට ලක්වෙන, විටින් විට රැකියා සහ ආදායම් මාර්ගවලින් සාර්ථක වන සහ සෞභාග්‍යමත් වසරක් වනු ඇත. උපතේදී සඳු ලග්නයේ, සතරවැන්නේ, සත්වැන්නේ සහ දසවැන්නේ තැන්පත්ව සිටි කටක ලග්න හිමියන්ට මෙන්ම උපතේදී සදු පස්වැන්නේ සහ නවවැන්නේ සිටි කටක ලග්න හිමියන්ටද 2015 ජූලි 13 දක්වා ගුරු ලග්නයේ ගමන් කරන කාලය අතිශය වාසනාවන්ත වේ.

ධනය

ධනස්ථානාධිපති රවිට ඇති දසවැන්නේ ග්‍රහ බලයද, අයස්ථානාධිපති සිකුරු එහිම සිටීමෙන්ද යහපත් වූ රැකියාවෙන් ආදායම් ලබන සහ තැන්පත් ධනය වර්ධනය කර ගන්නා තත්වයක් පෙන්නුම් කෙරේ. වික්‍රමස්ථානය හිමි විද්‍යාකාරක බුධත් දසවැන්නේ සිටින හේතුවෙන් වෘත්තීය ලේඛකකයන් සහ ගුරුවරුන්ද, තම අධ්‍යාපනික දක්ෂතා මත ජිවනෝපායේ යෙදෙන උගතුන්ගේද යහපත් වූ ආර්ථික ස්ථාවරකට හිමිකම් කියයි.

රැකියාව

කුජ සහ රවි දසවැන්නේ බලැති වීම රැකියාවේදී දක්ෂකම්වලට වඩා දස්කම් පෙන්වීමටත්, විනෝදාංශ ආදිය කාලය කා දැමීමකයි සිතමින් නිතරම වැඩක යෙදීමත් හේතුවෙන් මහන්සියේ තරමට වඩා ප්‍රථිපල ලබයි. උසස් ලෙස තම රාජකාරියේ නිරත වීමටත්, දැණුම සහ පළපුරුද්ද මත ස්වාමියාට වුවත් උපදෙස් දීමට තරම් ඉඩ තිබේ. අයුක්තියට වහා කිපීම සහ යටත්වීමට ඇති අකමැතිකම නිසාත් රැකියා හෝ ස්ථාන මාරුවීම්වලට ඉඩ ඇත.

අධ්‍යාපනය

විද්‍යාස්ථානය වූ පස්වැන්න ශනි සතුරු රාශියක් ව ශනි සිටින හේතුවෙන්, සාමාන්‍ය අධ්‍යාපනය ලබන සිසුන්ට එය බලවත් බාධාවක් වේ. එහෙත් සැඟවුනු හෝ රහස් කටයුතු හෝ ගුප්ත දේ ඉගෙන ගන්නා අයට ඒවා පුදුම සහගත සහ වටිනා දේවල් බවට සමාජයට ඔප්පුකර පෙන්වීමට මෙය අවස්ථාවක් වේ.

විද්‍යාකාරක බුධ රවි සමග සංයෝග වෙමින් බුධ ආධිත්‍ය යෝගය උදාකරමින්ද, විද්‍යාස්ථානාධිපති කුජ ශුභයෙකු වීවීමේ හැකියාව ඇතිමෙන්ද, උසස් අධ්‍යාපනය නියෝජනය කරන්නා වූ නවනැන්නේ ඥාණකාරක වූ කේතු යහපත්ව සිටීම හේතුවෙන් ද වෘත්තීය අධ්‍යාපනය ලබන කටක ලග්න හිමියන්ට සහ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට උනන්දුව, උත්සාහය සහ ධාරණ ශක්තිය වැඩි වී තම අධ්‍යාපන කටයුතු මනා ලෙස කර ගැනීමටත්, ඉන් ප්‍රථිපල ලබා ගැනීමටත් හැකියාව ලැබේ.

ජීවිතය

ගෙදර දොර සතුටට, සාමයට විටින් විය බාධා ඇතිවිය හැකි අතර ඉවසීමෙන් හා කල්පනාවෙන් ඒවා විසඳා ගැනීමට හැකි වේ. ලග්නයේ සිට ගුරුගෙන් ත්‍රීකා්ණ දෘෂ්ඨියේ ආධාරය සහ දහයේ තැන්පත්ව සිටින පස්වැන්නාධිපති වූ කුජගේ ආධාරක දෘෂ්ඨියද ලැබේ. හෝ දරුවන් සිටින කටක ලග්න හිමියන්ට තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධීන් ගැන අනියත බියක් ඇති විය හැකිය. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත්, ධනයත් වැයවනු ඇත.

සෙෘඛ්‍යය

උදා වූ වසරේ ඌෂ්ණාධික රෝග, අමාශගත රෝග සහ පාද ආශ්‍රිත ආභාධවලට යම් ඉඩක් ඇති හෙයින් කටක ලග්න හිමියන් ඒ ගැන සැළකිලිමත් වය යුතුය.

ජය දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ජය වර්ණ - සුදු, කහ

ජය අංක - 2, 7, 9

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
20° 50' 4"

  රවි
   7° 20' 58"
  චන්ද්‍ර
   1° 36' 11"
  බුධ
   29° 11' 52"
  සිකුරු
   26° 3' 3"
  කුජ
   25° 59' 45"
  ගුරු
   15° 29' 41"
  ශනි
   3° 2' 54"
  රාහු
   24° 55' 49"
  කේතු
   24° 55' 49"
  යුරේනස්
   1° 14' 13"
  නෙප්චූන්
   17° 28' 40"
  ප්ලූටෝ
   23° 35' 53"