රවි

6:02 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 30%
Zodiac Sign
මකර

පංචාංග


2017 November 23
4:41 pm


උත්‍රසල


පුර සැටවක


ගණ්ඩ


බාලව, කෞලව

රාහු කාලය

1:25 pm - 2:54 pm

දිශා


උතුර


දකුණ


බස්නාහිර


2015 වර්ෂයට පලාපළ: මේෂ


බලාපොරොත්තු ඉටු වන යහපත් වසරක්

ලග්නාධිපති කුජ ලග්නයෙහි ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදා කරමින් සිටියදී නවවැන්න අධිපති යෝගකාරක ගුරු හංස යෝගය උදා කරමින් සහ උච්චව හතරවැන්නේ ගමන් කිරීම ඉතාමත් ශුභදායකය. සිකුරු ධනස්ථාය වූ දෙවැන්නේ ස්වක්ෂේත්‍රව ගෝචරය වේ. රවි ලග්නයේ උච්චව ද, බුධ ලග්නයේ දික්බලයෙන් යුක්තව සිටී. ශනි අටවැන්නේ සතුරු ගත වීමත් රාහු බාධක ස්ථානය වූ හයවැන්නේ සැරිසැරීමත් යන දෝෂ ද ගෙන දේ.

මේ අනුව බලන විට මෙම ලැබුවා වූ අවුරුද්ද මේෂ ලග්න හිමියන්ට ශුභඵල රැසක් භුක්ති විඳීමට අවස්ථාව සැළසෙන යහපත් වූ වසරක් යැයි කිව හැකිය. ශනි අටවැන්නේ සතුරු ගත වීම හේතුවෙන් මේෂ ලග්න හිමියන්ට යම් බාධක අවහිරතා කටයුතු ප්‍රමාද වීම් යන දෝෂ ද ගෙන දුන්න ද, සැළසුම් සහගතව තම වැඩ කටයුතුවල සාර්ථකත්වයක්, දියුණුවක්, බලාපොරොත්තු සඵලත්වයක් ඇති කර ගැනීමට මේෂ ලග්න හිමියන්ය අවස්ථාව සැළසේ.

ධනය

ධනස්ථානාධි සිකුරු ස්වක්ෂේත්‍රව දෙවැන්නේ සිට ධන සම්පත් ලඟා කර දීමට සමත් වුවත් අටවැන්නේ සතුරු රාශිගත ශනිගෙන් ටැටෙන සප්තම දෘෂ්ඨිය හේතුවෙන් තැන්පත් ධනය නිකරුනේ වැය වීමක් ද පෙන්නුම් කෙරේ. හතරනැන්නේ තැන්පත් ගුරු ගේදොර ඉඩකඩම්, යානවාහනාදී අංශයන්ගේ දියුණුවක් පෙන්නුම් කරයි.

රැකියාව

හතරවැන්නේ තැන්පත් ගුරු සප්තම දෘෂ්ඨියෙන් රැකියාස්ථානය වූ දහවැන්න දැකීමත්, ශුභ ග්‍රහයෙකු වූ සදු එහි තැන්පත් වීමත් යන හේතුවෙන් රැකියා සම්බන්ධ යහපත් වාතාවරණයක් ඇති කරයි. ගේ දොර ඉඩකඩම් ආශ්‍රිත නව රැකියා සහ ආදායම් මාර්ගවල දොරගුලු ද විවර වේ. එසේ නමුත් සෙනසුරු තමා සිටින තැනින් තුන්වැන්න දකින නිසා ඔබගේ රැකියා ස්ථානය දකී. සතුරු රාශිගත ශනිගේ එම දෘෂ්ඨිය ඔබගේ රැකියා කටයුතු පීඩා කිරීමට සමත් වේ. ශනිගේ දෝෂයට ප්‍රතිකර්මයක් නොකලහොත් රැකියා ප්‍රමාදය, ව්‍යාපාර සහ රැකියා ස්ථානයේ ගැටලු ඇති වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

විද්‍යාස්ථානාධිපති රවි උච්චව ලග්නගතව බුධ සමග සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය සමගින් ප්‍රභල ග්‍රහචාරයෙන් යුතු වීම හේතුවෙන් අධ්‍යාපනය ලබන ඔබට ඉන් යහපත් ප්‍රතිඵල උදා කර දීමට සමත් වේ. ඔබගේ ඥාණශක්තිය සහ ධාරණ ශක්තිය ඉහළ නැංවීමට ැමම ග්‍රහ බලය සමත් වන බැවින් ඔබ නිරත වන අධ්‍යාපන කේෂ්ත්‍රෙයේ කුසතාවන් සපිරි ප්‍රතිඵල අපේක්ෂා කල හැකිය.

ජීවිතය

ගෙදර දොර පරිසරයද ඔබට යහපත් අයුරින් සකස් වී සැප සම්පතවලින් පිරි නිරෝගිමත් දිවියක් ගත කිරීමේ වාසනාව පෑදෙයි. එසේම විවාහ අපේක්ෂකයන්ලේ බලාපොරොත්තු මල්ඵල ගැන් වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු ඉතාමත් සාර්ථක වීම තුලින් දරුවන් කෙරේ තිබෙන ආදරය තව තවත් වැඩි වී අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේ. ශනිගේ සප්තම දෘෂ්ඨියෙන් වෙ පීඩාවන දුරු කර ගැනීම ඉහළ ප්‍රතිඵල ගෙනදේ.

සෙෘඛ්‍යය

සෞඛ්‍යය තත්වය සම්බන්ධයෙන් තරමක් දුරට සැළකිලිමත් විය යුතුය. රෝගස්ථනය වූ හයවැන්නේ රාහුත් මෘත්‍ය ස්ථානය වූ අටවැන්නේ සෙනසුරුත් ගමන් කිරීම නිසා ලේ දූෂ්‍ය පීඩා, ගුද මාර්ග ආශ්‍රිත සහ නහර ආශ්‍රිත රෝගාදියත්, හන්දිපත් පීඩාදියත් ඇති වීමට ඉඩ ඇත.

ජය දින - ඉරිදා, අඟහරුවාදා, සිකුරාදා

ජය වර්ණ - නිල්. රතු

ජය අංක - 6, 8, 9

පොදුවේ ගත් කල ශනි, බුධ, ශුක්‍ර මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. කුජ, රවි හා ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
20° 34' 21"

  රවි
   7° 20' 55"
  චන්ද්‍ර
   1° 35' 42"
  බුධ
   29° 11' 49"
  සිකුරු
   26° 2' 59"
  කුජ
   25° 59' 43"
  ගුරු
   15° 29' 41"
  ශනි
   3° 2' 54"
  රාහු
   24° 55' 49"
  කේතු
   24° 55' 49"
  යුරේනස්
   1° 14' 14"
  නෙප්චූන්
   17° 28' 40"
  ප්ලූටෝ
   23° 35' 53"